මහ බැංකුවේ ‘මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2024’ ජනපති අතට


ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2024’ වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාට පිළිගැන්වීම ඊයේ (29) සිදු විය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස් කුමානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරී ලසන්ති සිරිමාන්න ප්‍රතිපත්ති සමාලෝචන හා නිරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමුද්‍රා ජයසුන්දර යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ. ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2024’ වාර්තාව මගින් 2024 වසරේ මහ බැංකුවේ ආයතනික කාර්යසාධනය පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කර ඇත.