මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් Toyota Lanka සහයෝගීතාවක


ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් පසුගියදා Toyota Lanka සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹිණි. පාරිභෝගික ජනතාව කේන්ද්‍ර කරගත් බාධාවකින් තොර මූල්‍ය විසඳුම් සැපයීම පිළිබඳ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි කැපවීම මෙම හවුල්කාරිත්වය ඔස්සේ මැනවින් අවධාරණය වේ. 
මෙම ගිවිසුම ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත Toyota Raize, Toyota Lite Ace Single Cab සහ Toyota Lite Ace Panel Van ආදී වාහන සඳහා සුවිශේෂී ලීසිං විකල්ප පිරිනැමීමේ හැකියාව මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වෙත හිමි වේ. කිසිඳු ප්‍රමාදයකින් තොරව පාරිභෝගික ජනතාව කැමැති මාදිලියකින් වාහන තෝරා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම සඳහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් වාහන තොගයක් ද පවත්වාගෙන යනු ඇත.
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා සහ Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කරන ලදී. මෙමගින් පාරිභෝගික ජනතාවට තරගකාරී ලීසිං අනුපාත, අයදුම් කිරීම පිළිබඳ සරල ක්‍රියාවලියක් සහ වාහන මිලදී ගැනීම වඩාත් පහසු සහ ප්‍රතිලාභදායක කිරීම සඳහා නිර්මාණය කරන ලද සුවිශේෂී දීමනා ඇතුළු ප්‍රතිලාභ රැසක් පිරිනමයි.