මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැනීමට නව බලපත්‍ර නිකුත් කිරීමට සූදානමක්



විමුක්ති එස් රුද්‍රිගු


අලෙවි උපදේශකයකු පත් කිරීමෙන් පසුව මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැනීම් කටයුතු කිරීම සඳහා නව බලපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර් ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

මන්නාරම් ද්‍රෝණිය සඳහා ආයෝජකයන් ඇද ගැනීමට අලෙවි උපදේශකයකු පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව බලශක්ති අමාත්‍යවරයා පැවැසුවේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් උපදේශකයකු හෝ උපදේශන සමාගමක් පත්කිරීමෙන් පසුව තෙල් ගවේෂණ කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.