ශ්‍රී ලංකාවේ මුල්‍ය හා බැංකු අංශයේ තරගකාරීත්වය ගැන දෙස් විදෙස් අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි මෙරට බැංකු පද්ධතිය ශක්තිමත්ය. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාණිජ බැංකු සම්බන්ධ ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබේ. 2026 අය වැය යොජනාවලට එම අදහස් ඇතුළත් වනු ඇතැයි සැලෙකේ.
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ සමාගම්වල නිරීක්ෂණ ද මෙහි දී පසෙකට කළ නොහැකි බව ක්ෂේත්‍රයේ විශේෂඥ වාර්තා දක්වයි. ආෙයා්ජකයන් ගේ හැසිරීම අනුව කොටස් මිල දී ගැනීමේ දී වාණිජ බැංකු හා මුල්‍ය සමාගම්වල පවතින අලුත් ප්‍රවණතා එනම් වාහන ආනයනය සමග හටගත් ප්‍රබෝධය පවතී. දිගු කාලීන ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාවක් ඇත.
ඉකුත් සිකුරාදා (සැප්. 29) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,676.30 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 77.31 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,254.2 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 13.67 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.02 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 35,140 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 148.06 ක් විය. සමාගම් 151 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 99 කි. දිනයේ පෙරවරුවේ පැයක පමණ කාලයට පසු පසුබැසීමක් නිරීක්ෂණය කළ හැකි වූ නමුත් දිනය අවසානයේ දී හොඳ ස්ථාවර භාවයකට පැමිණ ගනුදෙනු හැසිරෙන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි විය. අද දිනයේ දී ද තෝරාගත් සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් අපේක්ෂා කළ හැකිය.
කොටගල වැවිලි සමාගම කොටස් හිමියන් සදහා මිල දී ගත හැකි වරණීය කොටස් නිකුතුවක් හේතු කොටගෙන එහි කොටස් සඳහා ඉල්ලුම ඉහළ ගිය අතර මෙදින ගනුදෙනුවල දී කොටස් මිලියන 14.4 ක් හුවමාරු වීම විශේෂ සිද්ධියකි. බලශක්ති, පාරීභෝගික ද්‍රව්‍ය යන ක්ෂේත්‍රවල කලින් සතියේ පිබිදීම අඩුවීමක් නිරීක්ෂණය කළ හැකි විය. සිල්ලර වෙළෙඳාම, මුල්‍ය, මෘදුකාංග සේවා හා ප්‍රවාහන වැනි උප අංශවල කොටස් හිමි ක්ෂේත්‍රවලට උනන්දුව ඉහළ ගියේය.
කොටගල රු. මිලියන 144 ක්, ඇසෝසියේටට් මෝටර් ෆිනෑන්ස් රු. මිලියන 135 ක්, එල්. බී. ෆිනෑන්ස් රු. මිලියන 130 ක්, ගෝල්ෆේස් කැපිටල් පාට්නර්ස් රු. මිලියන 109 ක්, ප්‍රයිම් ලෑන්ඩ් රු. මිලියන 119 ක්, රේණුකා ෆුඞ් රු. මිලියන 112 ක්, වටවල වැවිලි රු. මිලියන 230 ක්, පෑන් ඒෂියා පවර් මිලියන 97 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 92 ක් සහ හැටන් නැෂනල් නිෂ්ඡන්ද රු. මිලියන 89 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක