වෙළෙඳාම, ආයෝජන හා සංචාරක ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් වර්ධනයට පියවර
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතා සහ බංගලාදේශ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆකිර් මහබුබ් අනම් මහතා අතර සාකච්ඡාවක් පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී සංවිධානය වුණු ESCAP සැසිවාරය අතරතුරදී පැවැත්වුණු බව එම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඇති කරගන්නා ප්‍රාථමික වෙළෙඳ ගිවිසුමක් (Preferential Trade Agreement) සඳහා වන උත්සාහය පිළිබඳව සහ දෙරට අතර පවතින ආර්ථික සම්බන්ධතා සඳහා ඇති හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබේ.
එසේම SAARC සහ BIMSTEC වැනි කලාපීය වේදිකාවල අපගේ පොදු අවශ්‍යතා අවධාරණය කරමින්, වෙළෙඳාම, ආයෝජන හා සංචාරක ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට ඇති අවස්ථාද මෙහිදී අවධානයට යොමුවූ බව අමාත්‍යවරයා පවසයි.
මීට අමතරව, දෙපාර්ශ්වයම රාජ්‍ය මට්ටමේ නිරන්තර සංවාදයේ වැදගත්කම අවධාරණය කර ඇති අතර, ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් (Joint Working Groups) සහ ආර්ථික කොමිෂන් (Economic Commissions) වැනි ආයතනික ව්‍යුහ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සලකා බලා තිබේ.

