පෙර ඉහළ ඉල්ලූමක් තිබූ මෝටර් රථ, යතුරු පැදි හා ත්‍රීරෝද රථ වලට තිබූ ඉල්ලූම සැළැකිය යුතු මට්ටමකින් පහළ බැස ඇතැයි මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමෙන්තුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පෙන්වයි.
මධ්‍ය අදායම් ලාභී ජනයා අතර ප්‍රචලිතව තිබූ මරූටි වැනි මෝටර් රථ හා පෙර ඉතා විශාල වශයෙන් ලියාපදිංචි කළ යතුරුපැදි හා ත්‍රීරෝද රථ ලියාපදිංචි කර ඇති ප්‍රමාණයේ සැළැකිය යුතු අඩුවක් එම සංඛ්‍යාලේඛන වලට අනුව දක්නට ඇත.
තත්ත්වය එසේ වුවත් බී.එම්.ඩබ්ලිව් වැනි අතිිසුඛෝපභෝගී කාණ්ඩයට අයත් මොටර් රථ ලියාපදිංචි කිරීමේ වැඩිවීමක් එම සංඛ්‍යාලේඛණ පෙන්වයි.
මේ තත්ත්වයට හේතු ලෙස රජය විසින් ලබාදී ඇති තීරුබදු සහන ලබා දී ඇති රථවාහන බලපත්‍ර හේතු වී ඇතැයි විශ්ලේෂකයන් පවසයි.ඇතැම් අවස්ථාවන්හි මේ බලපත්‍ර භාවිතා කර සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් කෙරුණු රථවාහන මිලදී ගැනීමේ හැකියාව බලපත්‍ර ලාභියාට හිමිවේ.
මෙය අසාධාරණ බව පවසන මැදහත් විචාරකයන් සාමාන්‍ය ජනයාටද රටේ ඉහළ පැළැන්තියේ පුද්ගලයින් භුක්ති විදින සහනයන් හා පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබාදීමට රජය ක්‍රියාකළ යුතු බව කියයි.

