ප්‍රවාහන, ආර්ථික කටයුතු නංවාලමින් DIMO සහ BoC ලිසිං හවුල්කාරිත්වයකට


වසර 85කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO ආයතනය විසින් මෙරට වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව (BoC)  සමග හවුල්කාරිත්වයක් ආරම්භ කරමින්ල Mercedes-Benz, Jeep සහ Tata  රථ වාහන රැසක් සඳහා නවතම ලීසිං විසඳුම් හඳුන්වා දී තිබේ.

මෙම හවුල්කාරිත්වය ඔස්සේ   BoC විසින්  DIMO  ආයතනය බෙදාහරින  Mercedes-Benz, Jeep සහ Tata   රථ වාහන  සඳහා සහනදායී ලීසිං පොලී අනුපාතයක් පිරිනමමින් පාරිභෝගික ජනතාව දිරිගන්වනු ලබයි. එමෙන්ම DIMO සමාගම Tata වෙළෙඳ රථ  සඳහා විශේෂ දීමනා රැසක් ලබා දීමට ද සැලසුම් කර ඇති අතර Tata Buses, Trucks, Prime Movers සහ Tata Super Ace  සඳහා ආකර්ෂණීය වට්ටම් ද ලබාදේ. කුඩා පරිමාණයේ ව්‍යාපාර අතර වඩාත් ප්‍රචලිතACE HT2 සහ XENON YODHA Pick-Up  වාහන මාදිලි සඳහා අගෝස්තු මාසයේ අවසානය දක්වා රක්ෂණය  නොමිලේ ලබාදීමටත් DIMO කටයුතු කරන අතර කුඩා ව්‍යාපාර නගා සිටුවීමට සිය උපරිම දායකයත්වය ලබාදීම මෙහි අරමුණයි. දිවයින පුරා විහිදුණු 651ක් වන BoC ශාඛා ජාලය ඔස්සේ  පාරිභෝගික ජනතාවට මෙම ලිසිං විසදුම් සඳහා පහසු ප්‍රවේශයක් ද ලබාදෙයි.  

DIMO සහ ලංකා බැංකුවේ නියෝජිතයන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ අයුරු මෙහි දැක්වේ.