කොළඹ වරාය නගරය තුළ අති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ඉදිකිරීම සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ හෝම් ලෑන්ඩ්ස් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් යන සමාගම් දෙක, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය පසුගියදා හිමි විය.
මේ අතරින් ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 127.6ක ආයෝජනයකින් සුඛෝපභෝගී නේවාසික කුලුනක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, හෝම් ලෑන්ඩ්ස් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 150.0ක් ආයෝජනය කරමින් පරිසර හිතකාමී සුඛෝපභෝගී නිවුන් නේවාසික කුලුනක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් රැකියා අවස්ථා 1,170ක් පමණ අලුතින් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.
මෙම සමාගම් දෙක වෙත හිමි වූ මෙම පිළිගැනීමත් සමගින් එකී ව්‍යාපාර සඳහා අදාළ පනතේ ඇති යෝජිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීමටත් මෙහිදී අනුමැතිය හිමිව තිබේ.

