ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට බැංකු පද්ධතියට පැමිණි පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 41.06 ක්
ගිවිසුම්වලට එළැඹෙන මිලියන 50 ට වඩා අඩු ණය ලබාගත් ව්‍යාපාරිකයන්ට ණය ගෙවීම ආරම්භ කිරීමට සැප්තැම්බර් දක්වා කාලය ලබාදීලා
මිලියන 10 ට අඩු ණය මාස 6 ක් තුළ ගෙවා අවසන් කරන්නේ නම් පොලියෙන් සියයට 65 ක් කපා හැරීමක්
වසර 5 ක් තුළ ණය ගෙවා අවසන් කරන්නේ නම් පොලියෙන් සියයට 40 ක් කපා හැරීමක්
ඇපයට තැබූ දේපළ කොන්දේසිවලට යටත්ව විකිණීමටත් අවසර
විමුක්ති එස් රුද්‍රිගු
රජය ලබාදුන් සහන කාලයෙන් ප්‍රයෝජන ගනිමින් රුපියල් බිලියන 70 ක් පමණ ණය ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිරිසක් සිය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා පසුගිය මාර්තු 31 වැනිදාට පෙර බැංකු පද්ධතිය වෙත පැමිණ තිබෙන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
එලෙස පැමිණි ව්‍යාපාරිකයන්ගෙන් 78 ගිවිසුම්වලට එළැඹීම සඳහා ලබාදී තිබෙන අවසාන දිනය ඉක්මවා යාමටත් පෙර ණය ගෙවීම ආරම්භ කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. එලෙස සිය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට බැංකු පද්ධතිය වෙත පැමිණි ව්‍යාපාරිකයන් මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත්, තවත් පිරිසක් සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර තිබෙන බවත්, තවත් පිරිසක් ණය ගෙවීම ආරම්භ කර තිබෙන බවත් සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
ලැබුණු දත්තවලට අනුව රුපියල් බිලියන 160ක පමණ ණය ලබාගත් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් පිරිසක් රජය ලබාදුන් සහන කාලයෙන් ප්‍රයෝජන ගැනීමට සුදුසුකම් ලබා තිබූ බවත් ඒ අනුව සිය ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා බැංකු පද්ධතියට පැමිණි පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 41.06 ක් පමණ වන බවත් ඔහු පැවැසුවේය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසය තෙක් අත්හිටවූ පරාටේ නීතිය කල් ඉකුත්වීමත් සමග එහි කාලය තවත් වසරකින් දීර්ඝ කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට පසුගිය මාර්තු 31 වැනිදාට පෙර ණය ලබාගත් බැංකුවට පැමිණ සිය ණය ප්‍රතිව්‍යුහගතකර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඒ සඳහා ගිවිසුම්වලට එළැඹීමට අනිද්දා (15) දක්වා කාලය ලබාදී තිබෙන බවද සූරියප්පෙරුම මහතා පැවැසුවේය. එලෙස සිය ණය ප්‍රතිව්‍යුහගතකරන මිලියන 25 ට අඩු ණය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දෙසැම්බර් 31 වැනිදා දක්වා ණය ගෙවීම ආරම්භ කිරීමට කාලය ලබාදුන් බවද ඔහු ප්‍රකාශ කළේය.
එම ක්‍රියාවලිය අනුගමනය කරමින් ගිවිසුම්වලට එළැඹෙන මිලියන 50 ට වඩා අඩු ණය ලබාගත් ව්‍යාපාරිකයන්ට, ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා සැප්තැම්බර් දක්වා කාලය ලබාදුන් බවද ඔහු පැවැසුවේය, මිලියන 50ට වැඩි ණය ලබාගත් එම ක්‍රියාවලිය අනුගමනය කරමින් එළැඹෙන 30 වැනිදාට පෙර සිය ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා ව්‍යාපාරිකයන්ටද එම අවස්ථාව ලැබුණු බව ඔහු ප්‍රකාශ කළේය. ඇතැම් මිලියන 10 ට අඩු ණය මාස 6 ක් තුළ ගෙවා අවසන් කරන්නේ නම් පොලියෙන් සියයට 65 ක් කපා හැරීමටද, වසර 5 ක් තුළ ණය ගෙවා අවසන් කරන්නේ නම් පොලියෙන් සියයට 40 ක් කපා හැරීමටද අවස්ථාව ලබාදුන් බව ඔහු පැවැසුවේය.
මහ බැංකුව, මුදල් හා කර්මාන්ත අමාත්‍යාංශ එක්ව කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජනවාරි මාසයේදී තවත් සහන ලබාදෙමින් දෙවැනි චක්‍ර ලේඛයක්ද නිකුත් කළ බවත්, ණය ගෙවීම සම්බන්ධයෙන් විනිවිදභාවයක් සහිත ක්‍රමවේදයක් ඉන් හඳුන්වා දුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම සහන ලබාදීම සඳහා මහ බැංකුව පසුගිය 9 වැනිදා බැංකු පද්ධතිය දැනුවත් කර තිබෙන බවද ඔහු පැවැසුවේය.
එහිදී බැංකු පද්ධතියට පැමිණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අමතර ඉල්ලීම් ඉදිරිපත් අලුත් අවස්ථාවක් ලැබුණු බවද මුදල් ප්‍රවාහය සහ ව්‍යාපාරයේ අනාගත තත්වය මත බැංකු සමග එකඟතාවලට එළැඹීමට හැකියාව ලැබුණු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් එහිදී ප්‍රධාන ඉල්ලීම් 4 ක් කර තිබූ බවත් එම ඉල්ලීම් හතරටම කොන්දේසිවලට යටත්ව අවසර දීමට රජය තීරණය කළ බවත් සූරියප්පෙරුම මහතා පැවැසුවේය. පළමු ඉල්ලීම වූයේ මාස හයක් තුළ ණය සම්පූර්ණයෙන් ගෙවා දැමීමේදී පොලියෙන් සියයට 65 ක් කපා හැරීමේ ණය සීමාව මිලියන 25 දක්වා වැඩි කරන ලෙස බවත් එයට අවසරය ලබාදුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
දෙවැනි ඉල්ලීම වූයේ ඇපයට තබා තිබෙන දේපළ විකිණීමට අවසර දෙන ලෙස යැයිද ඔහු පැවැසුවේය. මෙතෙක් අයිතිකරුගේ කැමැත්ත තිබුණත් ඇපයට තබා තිබූ දේපළක් විකිණීමට නීතියෙන් අවසර නොතිබූ බවත් මේ වනවිට ඇපයට තබා තිබෙන බැංකුවේ ගනුදෙනුකරුවකු එම දේපළ ඉහළ මුදලකට මිලදී ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් දැඩි කොන්දේසි මත ඒ සඳහා අවසර ලබාදීමට තීරණය කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙතෙක් කාරක ප්‍රාග්ධනය ලබාගැනීමේදී තිබූ නිර්ණායක යටතේ තෙවැනි අදියර ණය ලබාගත් ව්‍යාපාරිකයකුට නැවත ණය ලබාගැනීමට හැකියාවක් නොතිබූ බවත් තෙවැනි ඉල්ලීම යටතේ ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය සහ අනාගත තත්වය සලකා බලමින් ණය ලබාදීමට අවස්ථාව ලබාදුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් මෙම ප්‍රතිලාභ හිමිවන්නේ පසුගිය මාර්තු 31 වැනිදා පෙරට සිය ණය ප්‍රතිව්‍යුහගතකර ගැනීමට බැංකු පද්ධතිය වෙත පැමිණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පමණක් බවත් හිතාමත ණයගෙවීම පැහැර ඇති ව්‍යවසායකයන්ට එම ප්‍රතිලාභ නොලැබෙන බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවැසුවේය.