ප්ලාස්ටික් කර්මාන්ත දැක්මක් කොළඹදී
ප්ලාස්ටික් ආශ‍්‍රිත කර්මාන්ත තේමා කරගත් ප‍්‍රදර්ශනයක් අගෝස්තු 10-12 දිනයන්හිදී කොළඹ ලේක්හවුස් මන්දිර අසල ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන හා වෙළෙඳ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට යයි.
මෙම ප‍්‍රදර්ශනය ශ්‍රී ලංකා රබර් හා ප්ලාස්ටික් ආයතනය, ප්ලාස්ටික් ඉංජිනේරු හා තාක්ෂණ ආයතනය (ඉන්දියාව), ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය හා ඉන්දියාවේ එන්ටර් ප‍්‍රයිසින්ග් ෆැරිස් සමාගම සංවිධානය කරයි.
ඉන්දියාව, චීනය, තායිවානය, දකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ප‍්‍රදර්ශනකරුවන් 100කට ආසන්න පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය.
ප්ලාස්ටික් කර්මාන්තය ආශ‍්‍රිත නවීනතම යන්ත‍්‍ර සූත‍්‍ර, අමුද්‍රව්‍ය හා නිමැවුම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් කර්මාන්තකරුවන් දැනුම්වත් කිරීම ප‍්‍රදර්ශනයේ අරමුණයි.

