කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ ‘ජාතික පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව වැඩසටහනේ ජාතික පදක්කම් ප්‍රදානෝත්සවය 2025’ පසුගියදා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
මෙහිදී, නව යොවුන් ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණින් මහජන බැංකුව දියත් කරන People’s BizTeens Challenge 2025 දීපව්‍යාප්ත වැඩසටහනට අදාළ චෙක්පත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) වෙත පිරිනැමීම ද සිදු කෙරිණි.
මේ අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිස්සංක, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු සහ එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) නලින් පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු මහජන බැංකුවේ සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු සහභාගි වූහ.
නව යොවුන් ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට මහජන බැංකුවෙන් People’s BizTeens Challenge 2025
Recommended Articles