නකල්ස් වැලි වතු සමාගම නිල වශයෙන් ඇරැඹේ



කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


නකල්ස් වැලි පෞද්ගලික වතු සමාගම නිල වශයෙන් ආරම්භ කිරීම සහ එම වතු සමාගමේ නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සවයක් කරන්දෙණිය පැරඩයිස් හෝටලයේදී පැවැත්විණ.
එම වතු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රදීප් වලවේ සහ අධ්‍යක්ෂ සම්පත් රුවන් යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් පැවති උත්සවයට ගාලු‍ දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා, කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති මහීල් මුණසිංහ, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර, ලංකා බැංකුවේ ගාල්ල දකුණ ප්‍රාදේශීය කළමනාකාරිණී උදානි කාරියවසම්, ලංකා බැංකුවේ කරන්දෙණිය ශාකා කළමනාකාරිණී සුජාතා නානායක්කාර, කරන්දෙණිය මූලස්ථාන සමෘද්ධි කළමනාකරු නිහාල් චන්ද්‍රසිරි යන මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.
කරන්දෙණිය, යක්කටුව ප්‍රදේශයේ නකල්ස් වැලි පෞද්ගලික වතු සමාගම් මූලස්ථානය පවතින අතර එම වතු සමාගමට අයත් කුරුඳු,,තේ,ගම්මිරිස් වගාබිම් ගාලු‍ දිසාව ඇතුළු දිසා කිහිපයකම පවතී.
මේ වතු සමාගම නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයේදී සිය වතුවලින් නෙළා ගන්නා අස්වැන්නෙන් නිෂ්පාදනය කෙරුණු නිෂ්පාදනද පළමු වරට හඳුන්වාදීම ද සිදු කෙරිණ.