දුෂාන් වඩුවාවලට ඇලු‍මෙක්ස් අධ්‍යක්ෂධුරයක්



භානුක අමරසිංහ 


හේලීස් සමූහයට අයත් ඇලු‍මෙක්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දුෂාන් වඩුවාවල මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 

ඒ අනුව මැයි 03 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා විධායක අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. වඩුවාවල මහතා  මේ වනවිට ඇලු‍මෙක්ස් පීඑල්සී සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන (අලෙවි සහ අලෙවිකරණ) සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා සතුව වසර 20කට අධික කාලයක ජාත්‍යන්තර අලෙවිකරණ, අලෙවි සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව අත්දැකීම් සහිත බව පවසයි. 2019 දී ඇලු‍මෙක්ස් පීඑල්සී වෙත සම්බන්ධවීමට පෙරාතුව ඒ මහතා DSI, DPJ Holdings, CEAT රිචඩ් පීරිස් සහ රේනුකා ඇග්‍රි ෆුඩ්ස් යන සමාගම්වල සේවය කර තිබේ.