කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් ඊයේ (10) දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 20,769.34ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 95.23 කින් එනම් සියයට 0.46 කින් ඉහළ යාම සිදු විය.
එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා20 (SL&PSL20) දර්ශකයත් ඒකක 5,929.71ක් දක්වා ඒකක 34.58 කින් එනම් සියයට 0.59 කින් ඉහළ යාම සිදු විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය සැප්තැම්බර් 01 වැනිදා සිට දින 09කට පසුව ඉහළ යාමත් කැපී පෙනෙයි.
මේ අතර ඊයේ දිනයේදී කොටස් මිලියන 324.84ක් ගනුදෙනු වූ අතර දිනය තුළ රුපියල් බිලියන 11.87ක පිරිවැටුමක් වාර්තා විය. මෙය පෙර දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 9.05 ට සාපේක්ෂව සියයට 31ක වර්ධනයකි. දිනය තුළ සමාගම් 148 ක වටිනාකම් ඉහළ ගිය අතර, සමාගම් 74ක වටිනාකම් පහත වැටුණි. ඊයේ දිනය වනවිට වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 7.37ක් ලෙස සටහන්ව ඇති අතර, එය වසරේ මේ දක්වා සියයට 29.45 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.
දින නවයකට පසුව කොටස් වෙළෙඳපොළ ඉහළට
Recommended Articles