


පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වු වයඹ පළාතේ පාසල්වල පරිගණක විද්‍යාගාර නැවත ගොඩනැගිමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 75කට වැඩි වියදමක් දරමින් පුද්ගලික ආයතන දෙකක් සිසු දරුවන් වෙනුවෙන් තම දායකත්වය දක්වමින් ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා මුදිතා ජයතිලක මහත්මිය පැවසුවාය.
මේ අනුව වයඹ පළාතේ පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල පාසල් 39 ක පරිගණක විද්‍යාගාරවලට දිට්වා සුළි කුණාටුවෙන් දරුණු හානි සිදුවූ අතර, ඒවායෙහි පරිගණක නැවත භාවිතයට ගැනීමට නොහැකි ලෙස හානි වි තිබූ බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා මුදිතා ජයතිලක මහත්මිය පවසුවාය.
දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වු වයඹ පළාතේ පරිගණක විද්‍යාගාර 39 ක් සඳහා තම පුද්ගලික මුදල් යොදවමින් සිසු දරුවන්ට යළි පරිගණක හා එම විද්‍යාගාරයේ පුටු හා මේස ඇතුළු සියල්ල ලබා දීමට ටෙක්නෝසිටි පුද්ගලික ආයතනය හා ලැප්ටොප් ඩොට් එල් කේ ආයතන රුපියල් මිලියන 75 ක මුදලක් වැය කරමින් මෙම පහසුකම් දරුවන්ට ලබා දීමට තම දායකත්වය දක්වා තිබේ.
හලාවත බත්තුළුඔය මහා විද්‍යාලය හා පුත්තලම පාතිමා බාලිකා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාර නැවත අංග සම්පුර්ණ කර විවෘත කිරීම ඉකුත්දා සිදුවිය.
මෙම අවස්ථාවට වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා මුදිතා ජයතිකල හා වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා තාක්ෂණික නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුරාධා ඉලංගකොන්, ටෙක්නෝසිටි හා ලැප්ටෝප් ඩොට් එල්.කේ ආයතන නියෝජනය කරමින් එම ආයතනවල සභාපති මොහොමඩ් ස්මයිල්, ප්‍රධාන තාක්ෂණීක නිලධාරී හේමාල් චන්ද්‍රරත්න, අලෙවි කළමනාකරු මොහොමඩ් කලීම් යන මහත්ම මහත්මින් සමග බත්තුළුඔය මහා විද්‍යාලයේ විදුහල්පති එස්.පි.ආර්.ඒ.වී.පී. අපොන්දු පැවදි සොයුරිය හා පුත්තලම පාතිමා බාලික විද්‍යාලයේ විදුහල්පති ඒ. එල්. සරිනා පර්වින් යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

