දිට්වා බලපෑ මූතූර් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාරිකයන්ට වන්දි


ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 
දිට්වා සුළි කුණාටුවේ බලපෑමට නතුවූ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට සිදුවූ හානි පූර්ණය කරමින් වන්දි ප්‍රධානය පෙරේදා (13) මූතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මේ අනුව හානි පූර්ණ චෙක්පත් ප්‍රදානය 381 දෙනකුට ලබාදීම මෙහිදී සිදුවිය.ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට මේ වන විට හානි පූර්ණ චෙක්පත් ප්‍රධානය කර අවසන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා පැවසීය.