දිට්වා කුණාටුව ආණ්ඩුව හරහා හමුවාද ?


 

වැස්ස තුරල් වී පැහැදිලි අහසට ඉඩදී ඉවත ගිය ද, දිට්වා සුළි සුළඟ නිම් හිම් නැති ඛේදයක් හා ව්‍යසන ඔස්සේ ඉතිරි කර ගිය බව බෙහෙවින් පැහැදිලිය. ජීවිත සිය ගණනක් අහිමිව ගොස් තවත් බොහෝ අය අතුරුදන් වී ඇත. දේපළවලට, යටිතල පහසුකම්වලට, දිවි පැවතුම්වලට සිදුවූ සැබෑ හානිය කෙතරම් විශාලද යන්න තවමත් ගණනය කර නැත. මුළු මහත් ප්‍රජාවෝ අවතැන් වී සිටිති. ඛේදවාචකය කෙතරම් විශාල ද යත්, සහානුකම්පාවෙන් සාමූහික ක්‍රියාකාරිත්වයත් රජයේ ක්ෂණික ඒකාබද්ධ ප්‍රතිචාරයත් එයින් ඉල්ලා සිටී.
එවැනි දුක්පීඩා නොවැළැක්විය හැකි ආකාරයේ දේශපාලන විවාදයට බඳුන් වීම හෙළාදැකිය යුතුය. එසේ වුවද ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අවාසනාවන්ත යථාර්ථය එයයි. ව්‍යසන දේශපාලන ක්ෂේත්‍රයෙන් බැහැර කාරණයක්ව පවතින්නේ කලාතුරකින් වන අතර, ඒවා ආණ්ඩු පිළිබඳ තීරණ ගැනීමේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට නිරන්තයෙන් පත්වේ. තමන්ගේ පැත්තෙන් ව්‍යසනයන්ගේ දරුණු ප්‍රතිඵලවලට නිසැක ලෙසම මුහුණ දෙන්නට ආණ්ඩුවට සිදුවන අතර, අසීරුවට පත්වන එවැනි ප්‍රශ්නවලට රජය සූදානම්ව සිටිය යුතු වේ. පසුගිය දින කීපයේ පැවැති කම්පනය සහ දුක්ඛිත බව ඉක්මනින්ම විචක්ෂණශීලී බැල්ම හා කෝපය බවට හැරෙන්නේ දැනටමත් එසේ සිදුව තිබියදීය. එම සුපරික්ෂාවට ජාජබ ආණ්ඩුව නියත ලෙස ලක් වනු ඇත.


 අති දක්ෂතාවයේ පොරොන්දු මත  ගොඩනැගුණු ආණ්ඩුවක් 
වර්තමාන රජය බලයට පත් වූයේ කතා පැවැත්වීම්, වෘත්තීය නිපුණතාව හා ආයතන වෙත ඇති මහජන විශ්වාසය යළි ස්ථාපිත කිරීම වටා ගොණු වූ ජනවරමක් ලබමිනි. එහි දේශපාලන අනන්‍යතාව නිර්වචනය වූයේ නිරන්තරයෙන්ම අකාර්යක්ෂමතාව, දේපාලනීකරණය සහ දුර්වල සැලසුම්කරණය උදෙසා චෝදනා එල්ලවූ පූර්වගාමීන්ට හාත්පසින් වෙනස් ලෙසකිනි.
මෙම ප්‍රතිරූපය ශක්තිමත් වූයේ නිරන්තරව දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති, ප්‍රතිව්‍යුහ කරණය මූලික කරගත් පාලනය හා නව පරිපාලන සංස්කෘතියත් යනාදිය හරහාය. මෙම කතිකාවන්ගෙන් සේම පැරණි දේශපාලන පුරුදුවලින් ඉවත් වීම තේරුම් ගැනීම තුලින් මහජන සහයෝගය හැඩගැසුණේය.


 පෙර සූදානම පිළිබඳ ප්‍රශ්නය 
කතිකාවට කල්තියාම පැමිණ තිබෙන විවේචනවලින් මතක් වන්නේ ආණ්ඩුව ප්‍රවේශවීමේ ක්‍රමය කල්තියා හඳුනාගෙන තිබුණේද යන්නය. කිසිම පාලනයකට සුළි කුණාටුවකින් වැළකිය නොහැකි අතර, මහ ජනතාව, සැලසුම් කිරීම අපේක්ෂාවෙන් ගන්නා පියවර සහ ක්ෂණික කාර්ය සංවිධානය කිරීම් බලාපොරොත්තු වේ. කල්තියා කළ අනතුරු ඇඟවීම්වලට රජය ප්‍රමාද වී ක්‍රියා කළ බව පෙනෙන්නට තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සති දෙකකට ඉහතදී අනතුරු ඇඟවූ අතර, ජාතික රූපවාහිනියේ ඔස්සේ කරන ලද්දේය. සිදුවූ ප්‍රමාදයෙන් වළක්වාගත හැකිව තිබූ හානි නිර්මාණය වූයේය. මොහොතකට එයින් තාක්ෂණික පෙර සූදානම පරීක්ෂා කෙරිණි. එම අනන්‍යතාව ජාජබ දේශපාලන සන්නාමයේ සහ ඔවුන් වගා කිරීමට බලාපොරොත්තු වූ මහජන විශ්වාසයේ හරය බවට පත්විය.
හදිසි තත්වය ප්‍රකාශයට පත් කිරීමට තිබූ දෙගිඩියාවද එම රටාවට සරිලන්නකි. පරිපාලනය ක්‍රියාත්මක වූයේ විපක්ෂයේ සහ මහජනතාවගේ පීඩනය සෑහෙන තරම් එල්ල වූ පසුවයි. දේශපාලන වශයෙන් මෙම ප්‍රමාදය විසින් ඉච්ඡාභංගත්වය වර්ධනය වීමට ඉඩහරින ලද්දේය. නිලධාරීන්ගේ දෙගිඩියාව හදිසි නීති බලතල ඔස්සේ සෑහෙන තරම් අඩු කළ හැකිව තිබිණි. ප්‍රාදේශීය ලේකම්වරුන් හදිසියේ මිලදී ගැනීම් කිරීම ප්‍රතික්ෂේප කරනු ලද්දේ තමන් නිවාඩු පිට ඉන්නා බව ඔවුන් විශ්වාස කළ නිසාය. ඇතැම් තැන්වල ජනතාව ඉවත් කිරීම ප්‍රමාද වූයේය. මෙයින් ප්‍රමාද වූ හදිසි අවස්ථා බලතල හේතුවෙන් සහන සේවා සහ ජනතාව අවදානම් ප්‍රදේශවලින් ඉවත් කිරීමේ වෑයම ප්‍රමාද වූයේ දැයි පෙනී යයි. මේවා කල්තියා නීතිමය සැලසුම් සකස් කර නොගැනීමේ ප්‍රායෝගික ප්‍රතිඵලයන්ය. ව්‍යසන තොරතුරු පැහැදිලි කර ගැනීමකින් තොරව රාජ්‍ය අංශයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ තීරණය තවමත් රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ගේ අඩපනවීමක් නිරූපණය කිරීමට හේතු වී තිබේ. රට වැසියන් කතා කළේ නිවසේ රැඳී සිටි නිලධාරීන්ටය. සන්නිවේදන අසමත්භාවය, විශේෂයෙන් දමිල බසින් කාර්යක්ෂම ලෙස ක්ෂණිකව සන්නිවේදනයේ යෙදීමේ අසමත් භාවය නිසා මහජන ප්‍රකෝපය දරුණු වූ අතර, විවිධ භාෂා කතා කරන රටක රජයේ සූදානම් විරහිත බව ප්‍රදර්ශනය කළේය.
මෙය දේශපාලනික කාරණයක් වූයේ ජාජබ නිරන්තයෙන්ම සීසීකඩව වෙන් කළ රාජ්‍ය ව්‍යුහයන් ගැන විවේචනය කළ බැවිනි. මහජනයා බලාපොරොත්තු වූයේ ඔවුන් වෙනස් ආකාරයකින් ක්‍රියා කරතැයි කියාය. ඒ වෙනුවට මෙම අර්බුදයේදී එම සම්බන්ධීකරණ ගැටලුව නැවත හෙළිදරව් වූයේය.


 පොරොන්දු සහ කෙරුවාව අතර  පරතරය 
රජයේ තෝරා ගැනීම් අභ්‍යන්තර තර්කයෙන් සාධාරණීකරණය වුවද මහජනයාගේ දැක්ම නිසැක ලෙසම ඍණාත්මක වූවකි. දේශපාලනයේදී අවබෝධ කරගත් ප්‍රමාදය සැබෑ ප්‍රමාදයක් සේමය. නිශ්චිතභාවය, පැහැදිලි බව සහ නිලධාරිවාදයේ අඩපනවීම්වලට ඉහළින් පොරොන්දු දී බලයට පැමිණි ජාජබ පාලනයේ එම ප්‍රතිරූපය දැන් දුර්වලව යාමේ අවදානමට පාත්‍ර වී ඇත.
ජාජාබයට පාලන අත්දැකීම් ප්‍රමාණවත් ලෙස නොමැති බවට විරුද්ධ පක්ෂ කාලයක පටන් තර්ක කළහ. එම කතා ඉදිරියටත් ගෙන යා හැකි ශක්තිමත් උදාහරණයක් දැන් දිට්වා සුළි කුණාටුවෙන් පිරිනමා තිබේ. මාර්ග ගතව සංසරණය වන දේවල අන්තර්ගතවලින් මේ වෙනස් වීම පිළිබිඹුවේ. රජය දැඩි ලෙස ආරක්ෂා කරන අය පවා පරිපාලන, තර්ජනයේ ප්‍රමාණය, වැරදි ලෙස නිෂ්චය කළේද නැතහොත් පමණට වඩා පරෙස්සමෙන් සන්නිවේදනයේ යෙදුනේද යන්න විමසීමට පටන් ගෙන ඇති බව කීම නොසලකා හැරීමක් නොවේ.
ගැටලුව වන්නේ රජය කිසිවක් නොකර සිටීම නොවේ. ගැටලුව වන්නේ ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රමාණවත් හෝ සරිලන ඒවාද යන්න සහතික වශයෙන් පෙනී නොයාමයි. මින් පෙර ප්‍රජා සහයෝගිතා උදෙසා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ පක්ෂ ඔස්සේ මෙහෙයවුන සහන කණ්ඩායම් පෙනෙන්නට නොතිබීමද අවධානයට ලක්ව තිබේ. ඇතැම් ස්ථානවල මෙම ක්‍රියාධරයන් ක්‍රියාකාරීව සිටියද, මහජනයාගේ දැක්ම හැඩ ගැසෙන්නේ පෘථුල ලෙස පෙනී යන දෙයින් හා සංසරණය වන පුවත්වලිනි.


 ශ්‍රී ලංකා දේශපාලනයේ  හුරු පුරුදු රටාව 
දේශපාලන පරාචක්‍ර හැඩ ගන්වනු ලැබූ ව්‍යසන බොහොමයක උදාහරණ ශ්‍රී ලාංකීය  ඉතිහාසයෙන් සපයා දේ. 2016 යහපාලන රජය යටතේ ඉතා මෑතකාලීනව සිදුවූ සිද්ධිය ඉන් එකකි. ප්‍රශ්නය වූයේ රජයට බොහෝ දෑ කළ හැකිව තිබිණිද යන්න නොව, අවසානයේ මහජන මතය එයින් හැඩගැන්වීමයි. එහිදී සිදුවූයේ මහපොළොව මත සිදුවූ සිද්ධි කෙරේ සූදානමින් තොරව, ඒවායින් හුදෙකලාව රජය සිටි බව මහජනයා සිතීමයි. ඒ හා සමානව උනන්දුවක් මේ වන විට ජනිත වී තිබේ.
2016 මෙන් මහජනයාගේ ඇගැයුම සැබෑ සක්‍යතාව මත රඳානොපවතින අතර, එය වඩාත්ම රඳාපවත්නේ මනා ප්‍රතිචාර දක්වන ස්වභාවය වටහා ගත් ආකාරයටය. මෙම ව්‍යසනය මහජනයාගේ මතකයේ සනිටුහන් වනුයේ අභියෝගය මත කෙරෙන තක්සේරුවකට වඩා, අභියෝගයෙන් ජාතික ජනබලවේගය ඉහළට ඔසවා තබන්නටත් වඩා යටපත් වූ මොහොතක් ලෙස පෙනී යන ආකාරයටයි. එම දැක්ම, විශේෂයෙන් ප්‍රජාවගේ දුක්ගැනවිලි හා හැඟීම්වලට සහයෝගය නොදෙන කාලයකදී වඩාත් ශක්තිමත් විය හැකිය.
අවසාන වශයෙන් ජීවිත හානිවී, පවුල් අවතැන්ව සිටියදී වගකීම පිළිබඳ ප්‍රශ්නයෙන් මගහැර යා නොහැකිය. මහජන ප්‍රකෝපය පසුවන්නේ එල්ල කළ හැකි දිසාවක් කියාපාමිනි. දේශපාලන ක්‍රියාධරයන් ප්‍රතිචාර දක්වන්නේ ඒ අනුවය. මෙම යථාර්ථය හඳුනාගැනීම සදාචාරාත්මක විනිශ්චයක් නොවේ. එය මීළඟට එලැඹෙන සතිවල දේශපාලන ප්‍රතිඵලයන් හැඩ ගැසෙන විශ්ලේණාත්මක කරුණකි.


 ඇතිවිය හැකි දේශපාලන ප්‍රතිඵල 
විවේචකයන් තේමාවන් තුනක් කෙරෙහි අවධානය දක්වනු ඇත. ඒ කුණාටුවේ දරුණු බව අපේක්ෂා කිරීමට පාලනය අසමත් වූයේය, ප්‍රතිචාර ප්‍රමාණවත් ලෙස සම්බන්ධීකරණය වී නොමැත, ස්පර්ෂණීය ආයතනික සූදානමට වඩා රජය ප්‍රතිරූපය ඔපවත් කර ගැනීමට අවධානය යොමු කිරීම යනාදියයි. අත්දැකීම් විරහිත බව පිළිබඳ මෙම දැක්ම මහජනයාගේ ඇස් ඉදිරිපිට දැන් ප්‍රබල ලෙස විද්‍යාමාන වී තිබේ. ඝර්ෂණය අත්කරගනුයේ මෙම දැක්මෙනි. මෙම විවේචනය අර්බුදයට පෙරාතුවම පැවතියත් ශක්තිමත් උදාහරණ ඒ උදෙසා තිබුණේ නැත. දිට්වා එක් උදාහරණයක් පිරිනැමීය.
තීරණය ගනු ලබන කාල පරාසය දෙස විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මාධ්‍ය තීව්‍ර පරීක්ෂාවෙන් පසුවනු ඇත. කල්තියා ප්‍රමාණවත් අනතුර ඇඟවීම් ලැබුණේද යන ප්‍රශ්න මහජන කතිකාවල ක්‍රියාකාරී මාතෘකාවක් වනු ඇත. බිම් මට්ටමේ තත්වය ස්ථාවරභාවයට පත් වූ විට දේශපාලන ක්‍රියාධරයන් ආණ්ඩු විරෝධී හැඟීම් ඉදිරියට ගෙන යෑමට ප්‍රමාණවත් ඉන්ධනයක් ලෙස මෙය භාවිත කරන සෙයක් පෙනේ.
දීර්ඝකාලීන හානිය මගහැර ගැන්මට රජය සිතා සිටින්නේ නම්, නැවත යථාතත්වයට පත් කිරීමේ දක්ෂතාවය රජය පෙන්විය යුතුය. සහන බෙදාහැරීම, යළි ඉදිකිරීම් සහ හානි වූ පවුල්වලට උපකාර කිරීම වේගවත්ව සහ විනිවිදපෙනෙනසුළු ආකාරයෙන් ඉටු කළ යුතුය. මන්දගාමීව සිදු කරන යථාතත්වයට පත් කිරීමකින් ආණ්ඩුවේ ප්‍රතිචාර දුර්වලය යන මුල් දැක්ම ශක්තිමත් වනු ඇත. මෙම ප්‍රතිඵල සහතික කළ හැකි නොවන නමුත්, මේවායින් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ඒත්තු ගත හැකි පරාචක්‍රයන් නියෝජනය වන අතර, ඊට අදාළ ප්‍රතිචාර දැනටමත් පෙනෙන්නට තිබේ.
මෙම කුණාටු දියෙන් ඉවතට යාත්‍රා කිරීමට තනිකරම ජනාධිපතිවරයාගේ පෞද්ගලික සන්නාමය හා ප්‍රතිරූපය මත රඳාපැවැත්ම ප්‍රමාණවත් නොවන්නේය. එසේ කිරීමෙන් ආරාධනා කරනුයේ විශිෂ්ට සාධාරණත්වයක් සහිත රජයෙන් පිරිනමන්නා වූ සංකේතය දුර්වලත්වයට පත් කිරීමටයි.


 හානිය සීමා කරගැනීම රජයට කළ  හැක්කේ කෙසේද? 
රජයට තවමත් දේශපාලන දෝෂ, සීමා කරගත හැකිය. දෙගිඩියා කාතා ඉවත් කිරීමකින් මූලික වශයෙන් එක් නිෂ්චිත යථාතත්වයට පත් කර ගැනීම කළ හැකිය. ඒ සඳහා පැහැදිලිව සහ අඛණ්ඩව රටේ සියලු ප්‍රජාවන් කෙරේ යොමු වූ තනි හඬකින් සන්නිවේදනය කළ යුතු වේ. බිම් මට්ටමේ තනි නායකත්වයක් පෙනෙන්නට තිබිය යුතු වන අතර, එය හුදෙක් ඉහළ නිලධාරීන් නිකුත් කරන උපදෙස් නිකුත් කිරීමක් නොවිය යුතුය. එසේ කළ හොත් ජාතික ජනබල වේගය ප්‍රායෝගිකත්වය  තුළ ක්‍රියා නොකරන්නේය යන ප්‍රතිරූපය සහිත විශ්වාසය එයින් ස්ථාපිත වන්නේය. දීර්ඝකාලීන ක්‍රමෝපායික උපමාරු බවට පත් විය හැකි දුර්වලතා විවෘතව පිළිගත හැකිවේද යන්න පිළිබඳව ආණ්ඩුව සලකා බැලීම හොඳය. කිසියම් පූර්ව සූදානමකින් තොරවූ බව ප්‍රතික්ෂේප කිරීමෙන් සිදුවන්නේ මහජන ඉච්ඡාභංගත්වය තවත් දරුණු අතට හැරීමය. ව්‍යසනයේ ප්‍රතිඵලයක් ලෙස අහිමි වී ගිය සියලු දේශපාලන ප්‍රාග්ධනය, සිදුවූ වරද කෙළින් කියා පෑමකින් නැවත නොලැබෙන නමුත් එය විශ්වාසවන්තතාවය යළි ගොඩනගා ගැනීමට උපකාරී වේ.


 සමාප්තිය 
දිට්වා සුළි සුළඟ වඩාත් ප්‍රමුඛ ගණයේ මානව ව්‍යසනයකි. එය දැඩි පීඩනය යටතේ පාලනය කිරීමේ ජාජබ ආණ්ඩුවේ හැකියාව පරීක්ෂා කරන, බලන ප්‍රථම ප්‍රධාන පරීක්ෂණය බවට පත්ව තිබේ. කුණාටුව කිසිවකුගේ පාලනයකින් තොර වූවක් වුවද, ඊට දක්වන ප්‍රතිචාරය එසේ නොවන්නකි. එම ප්‍රතිචාර රටවැසියන් අර්ථනිරූපණය කරන ආකාරයෙන් දේශපාලන ප්‍රතිඵල ගලා එනු ඇත.
දක්ෂතාව පිළිබඳ පොරොන්දු දෙනු ලැබූ පරිපාලනය දැන් වඩාත් වැදගත් පරීක්ෂණයට මුහුණ දෙමින් සිටී. දක්වන ප්‍රතිචාරය, දුන් පොරොන්දු සමග එකේලිවන්නේ නම් රජයට යහපත් දේශපාලන බලපෑමක් ලැබෙනු ඇත. එසේ නොවුවහොත් දිට්වා සුළි කුණාටුවේ අවදානම, ජාජබට පාලනය කිරීමේ හැකියාව පිළිබඳ මහජන තක්සේරුව නිර්මාණය කරන අවස්ථාවක් බවට පත් වනු ඇත.
එළැඹෙන කාලයේදී දිට්වා තාවකාලික අභියෝගයක් වන්නේද, නැතහොත් රජයේ දේශපාලන පරාචක්‍රය නිර්වචනය කරන අවස්ථාවක්ද යන්න තීරණය වනු ඇත.


2025 Daily FT හි පළවූ Cyclone Ditwah: Testing NPP Govt's Competence Public Confidence ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ