දඹදෙණිය මූලික රෝහලට සමෘද්ධි බැංකුවලින් පරිත්‍යාග



මෙට්ට තොගය දඹදෙණිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය අමිල මදුරාගොඩ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත භාරදෙන අයුරු


 වෙළෙඳ ව්‍යාපාරිකයක සමන් ෆැෂන් හි අධිපති සමන්සිරි පතිරාජ මහතා සහ එම මහත්මිය අතින් මෙට්ට තොගයට අවශ්‍යය ඇඳ ඇතිරිලි විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී එම්. එච්. පී. ඒකනායක මහත්මිය වෙත භාරදෙන අයුරු.


සඳලංකාව හේමලතා ඩී. හේවගේ


දඹදෙණිය මූලික රෝහලේ ගිලන් ඇඳන් සඳහා විශාල අඩුපාඩුවක්ව පැවැති මෙට්ට තොගයක් (150) පන්නල, ගිරිඋල්ල සහ යක්විල සමෘද්ධි බැංකු මගින් පරිත්‍යාග කිරීම එම බැංකු සංගම්වල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඉකුත්දා (02) රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

පන්නල, දංකොටුව, ගිරිඋල්ල, දඹදෙණිය ඇතුළු දුරබැහැර ප්‍රදේශවලින්ද පැමිණෙන රෝගීන් විශාල පිරිසක් දෛනිකව හා නේවාසිකව මෙම රෝහලින් ප්‍රතිකාර ලබා ගන්නා බවත්, ඔවුනට හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා මෙවන් පරිත්‍යාග ඉතා වටිනා බවත් දඹදෙණිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය අමිල මදුරාගොඩ මහතා පැවසීය.

රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් වැයකර සමෘද්ධි බැංකු මගින් ලබා දුන් මෙම මෙට්ට සඳහා අවශ්‍ය ඇඳ ඇතිරිලි සහ කොට්ට තොගය ගිරිඋල්ල නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයකු වන සමන් ෆැෂන් හි අධිපති සමන්සිරි පතිරාජ මහතා සහ එම මහත්මිය අතින් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පන්නල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසිංහ, නාරම්මල ප්‍රාදේශීය ලේකම් එම්.ආර්.එම්. ඉම්රාන්, දඹදෙණිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය අමිල මදුරාගොඩ, පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි මහා සංගම් අධ්‍යක්ෂිකා සන්ධ්‍යා හේරත්, ගිරිඋල්ල, පන්නල, යක්විල සමෘද්ධි බැංකුවල කළමනාකරුවන් සහ කළමනාකාරිනියන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී එම්.එච්.පී. ඒකනායක, වාට්ටු අංක 02 භාර හෙද සොයුර ඒ.එම්. රිස්මි, සමන් ෆැෂන් අධිපති සමන්සිරි පතිරාජ, රෝහල් සංවර්ධන කමිටුවේ සහ ව්‍යාපාරික එකමුතුවේ සභාපති උපුල් ලියනගේ, මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක සමෘද්ධි සංවර්ධන නිලධාරී නන්දසේන රණසිංහ ආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.