දකුණු අප්‍රිකාව ලංකාවේ ආයෝජනයට සැරසෙයි


දකුණු අප්‍රිකාවේ සමාගම් 6000ක සාමාජිකත්වය හිමි අප්‍රිකා ජාතික කොන්ග්‍රසයේ ප්‍රගතිශීලී ව්‍යාපාර සංසදයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අවස්ථා සොයා බැලීමට සාර්ථක චාරිකාවක යෙදුණු බව විදේශ අමාත්‍යංශය කියයි. ඔවුහු දෙරට වළෙඳ හා ආර්ථික ප්‍රවර්ධනය සඳහා වන අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කළහ. යාපනයේ ද සංචාරය කළ නියෝජිතයෝ තිස් අවුරුදු යුධයෙන් පසු යාපනය යළි පිබිදෙන ආකාරය ගැන සතුට පළ කළහ. එහි ආයෝජනය සඳහා ඔවුහු උනන්දුවද පළ කළහ.