- තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු මිල රුපියල් 54.67කින් ඉහළට
- 2024 අගෝස්තු හා සැසඳීමේදී තේ කිලෝවක මිල රුපියල් 6.22කින් පහළට
ජාතික තේ අලෙවියේ සාමාන්‍ය මේ වසරේ අගෝස්තු මාසයේදී තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,182.27ක් (ඩොලර් 3.92ක්) ලෙස සටහන්ව තිබේ. මෙය පසුගිය ජූලි මාසයේ සටහන් වූ රුපියල් 1,127.60 එනම් ඩොලර් 3.74 හා සැසඳීමේදී රුපියල් 54.67 ක එනම් ඩොලර් ශත 18 ක ඉහළ යාමකි.
කෙසේ වෙතත් 2024 අගෝස්තු මාසයේ පැවැති තේ කිලෝග්‍රෑමයක් සඳහා වූ රුපියල් 1,188.49ක (ඩොලර් 3.95) ක අගය හා සැසඳීමේදී මෙය රුපියල් 6.22 කින් එනම් ඩොලර් ශත 33 ක අඩුවීමකි.
ෆෝර්බ්ස් ඇන්ඩ් වෝකර් තේ තැරැව් සමාගමට අනුව 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා වූ කාලයේදී මෙම ජාතික තේ අලෙවියේ සාමාන්‍ය තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,156.37 ක් (ඩොලර් 3.87ක්) ලෙස පැවතුණි. මෙය 2024 එම කාලසීමාවේ පැවැති රුපියල් 1,249.99 (ඩොලර් 4.09) හා සැසඳීමේදී රුපියල් 93.62 ක් එනම් ඩොලර් ශත 22 ක පහත වැටීමකි.
මේ අතර තේ වගා බිම් මට්ටම් අනුව ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී තේ අලෙවියේ වටිනාකමෙහි ඉහළ ගොස් තිබේ. ඒ අතරින් උස් බිම් තේ වටිනාකම් ජූලි මාසය හා සැසඳීමේදී කිලෝග්‍රෑමයකට රුපියල් 70.83 ක් එනම් ඩොලර් ශත 23 ක් ලෙසින්ද, මැදි බිම් තේ කිලෝග්‍රෑමයක් රුපියල් 47.20 ක් එනම් ඩොලර් ශත 15 ක් ලෙසින්ද, පහත් බිම් තේ කිලෝග්‍රෑමයක් රුපියල් 44.01 ක් එනම් ඩොලර් ශත 14 ක් ලෙසින්ද ඉහළ ගොස් තිබේ.