ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජුලි ඡන්ග් මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා අතර හමුවක් ඉකුත්දා (15) පෑලියගොඩ දී පැවැත්විණි.
පාත්ෆයින්ඩර් පදනම දීර්ඝ කාලයක් තුළ එක්සත් ජනපදය හා එරට සංවිධාන සමග පවත්වන ලද සම්බන්ධතා සහ දෙරට අතර සහයෝගීතාවට ලැබුණ පිටිවහල මෙහි දී අවධානයට ලක් කෙරිණි. ආර්ථිකය, කලාපයේ ආරක්ෂාව හා සමාජ උන්නතිය උදෙසා පදනම විසින් කරන ලද අධ්‍යයන හා පර්‌යේෂණ ගණනාවක වාර්තාවල පිටපත් තානාපතිනිය වෙත බාරදීම ද මෙහි දී සිදුවිය. ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර අන්‍යෝන්‍ය අවබෝධයෙන් අවස්ථා ඇති කරන සමාන්තර වැඩසටහන් සම්බන්ධ ඉදිරි සැලසුම් ගැන ද මෙහි දී සාකච්ඡා කර තිබේ.
පෑලියගොඩ පිහිටි පාත්ෆයින්ඩර් පදනම මූලස්ථානයේ සිදු වූ හමුවට තානාපති කාර්යාලයට අලුතින් පත්වූ උප තානාපතිනි ජෙනි හොවෙල් මහත්මිය සහ දේශපාලන අංශ ප්‍රධානී ඇඩම් මයික්ලෝව් මහතා ද සහභාගී වී සිටියේය. පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා සඳහා සම්බන්ධ වූ අතර අනතුරුව කැලණි ගඟ ඔස්සේ බෝට්ටුවකින් සංචාරයකට ද නියෝජිත පිරිස සහභාගී වූහ.