භානුක අමරසිංහ
සුප්‍රසිද්ධ යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල හිමි ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමට අයත් W15 සන්නාමය යටතේ W15 Yala සහ W15 Ambalangoda නමින් යාල සහ අම්බලන්ගොඩ අලුතින් හෝටල් දෙකක් මේ වනවිට ඉදි කෙරෙමින් පවතින බව එම සමාගම පවසයි.
ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ අනාගත වර්ධනය පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ පිළිබඳව සඳහන් කර සිටියි. එසේම ඉදිරියේදී සිය ලෙෂර් අංශය සඳහා ප්‍රාග්ධන වියදම් අඩු ව්‍යාපාර පුළුල් කිරීමේ ක්‍රමයක් වන කළමනාකරණ කොන්ත්‍රාත්තු පිරිනැමීම සදහාද අවධානය යොමු කර ඇතැයි සමාගම පවසයි.