ජූනි මුල් දින 10දී සංචාරකයෝ 43,962ක්


භානුක අමරසිංහ


මේ වසරේ ජූනි මාසයේ පළමු දින 10 තුළදී සංචාරකයන් 43,962 කු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධීකාරිය නිකුත් කළ අලු‍ත්ම සංඛ්‍යා දත්ත සඳහන් කරයි. මෙහිදී ජූනි 01 සිට 07 දක්වා 31,547ක්ද, ජූනි 08 සිට 10 දක්වා 12,415ක් ලෙසද එය සටහන්ව ඇත.
ඒ අනුව දිනකට පැමිණෙන සංචාරකයන්ගේ සාමාන්‍යය 4,396ක අගයක් ගෙන තිබේ. එහිදී ජූනි 05,06 සහ 07 යන දිනවලදී 5,000ක් ඉක්මවූ දෛනික සංචාරකයන් පිරිසක් පැමිණීමත් කැපී පෙනෙයි. පසුගිය වසරේ ජූනි මාසය පුරාම පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 113,470ක් වන අතර, මෙම මුල් දින 10 පැමිණීම් අනුව මේ වසරේ එම අගය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කෙරී තිබේ.
මෙලෙස ජූනි මුල් දින 10දී වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එය 12,362 කි. එසේම එක්සත් රාජධානියෙන් 3,740 ක් සහ බංග්ලාදේශයෙන් 2,717ක් පැමිණ තිබේ. ජර්මනියෙන් සහ චීනයෙන් පැමිණි සංඛ්‍යාව පිළිවෙළින් 2,439ක් සහ 2,403 ක් වෙයි. ඔස්ට්‍රේලියාවෙන්ද 2,169ක් පැමිණ තිබේ. එසේම මාලදිවයිනෙන් සහ ප්‍රංශයෙන් පිළිවෙළින් 1,589ක් සහ 1,306ක් පැමිණ තිබේ. එක්සත් ජනපදයෙන් 1,297ක්ද කැනඩාවෙන් 1,065ක්ද මෙරටට පැමිණ තිබේ. 
2025 වසරේ ජනවාරි මාසයේදී 252,761ක්, පෙබරවාරියේදී 240,217ක්, මාර්තුවේදී 229,298ක්, අප්‍රේල් 174,608ක් සහ මැයි මාසයේදී 132,919ක් ලෙස සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.