- ඇමෙරිකාවට සිදුකළ අපනයන පහළ ගිහින්
- බ්‍රිතාන්‍යයට සිදුකළ ඇඟලුම් අපනයන සියයට 20.4 කින් ඉහළට
විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය සියයට 5.2 කින් වර්ධනය වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය පසුගියදා ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය වෙළෙඳපොළේ සිදුවූ වර්ධනය ජූනි අපනයන ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවද ඒකාබද්ධ ඇඟලුම් සංසදය පැවැසුවේය. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගම් වෙළෙඳපොළවල් වෙත සිදුකළ අපනයන ඉහළ යනවිට ඇමෙරිකාවට සිදුකළ අපනයන පහළ ගොස් තිබෙන බවද එම සංසදය ප්‍රකාශ කළේය.
ඒ අනුව යුරෝපා සංගමයට සිදුකළ ඇඟලුම් අපනයන පසුගිය ජූනි මාසයේදී සියයට 23.1 කින් ඉහළ ගොස් තිබෙන බවත්, බ්‍රිතාන්‍යයට සිදුකළ ඇඟලුම් අපනයන සියයට 20.4 කින් ඉහළ ගොස් ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදය පැවැසුවේය. කෙසේ නමුත් ඇමෙරිකාවට සිදුකළ අපනයන සියයට 5.7 කින් පහළ ගොස් ඇති බවත්, අනෙකුත් කලාපවලට සිදුකළ අපනයන සියයට 9.3 කින් පහළ ගොස් ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදය ප්‍රකාශ කළේය.
දැනට තිබෙන තාවකාලික දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 දී මෙරට ඇඟලුම් අපනයනය සියයට 8.95 ක වර්ධනයක් පෙන්නුම් කරන බවද එම සංසදය පැවැසුවේය. එහිදී යුරෝපා සංගමයේ වෙළෙඳපොළ සියයට 16.7 කින්, බ්‍රිතාන්‍ය සියයට 6.4 කින්, අනෙක් වෙළෙඳපොළවල් සියයට 8.9 කින් සහ ඇමෙරිකාව සියයට 4.1 කින් වර්ධනය වී තිබෙන බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය ප්‍රකාශ කළේය.