ජුනි මාසයේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට රු.බි.221 ක ණය දීලා


විමුක්ති එස් රුද්‍රිගු

පසුගිය ජූනි මාසයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 221 ක් වන අතර එය ඉතිහාසයේ ජූනි මාසයකදී පුද්ගලික අංශයට ලබාදුන් වැඩිම ණය ප්‍රමාණයද වේ.

එසේම 2024 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදී තිබූ රුපියල් බිලියන 193 ක ණය මුදලට පසුව වාර්තා වූ වැඩිම ණය මුදලද පසුගිය ජූනි මාසයේදී වාර්තා වී තිබිණි. පසුගිය ජූනි මාසයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු රාජ්‍ය අංශයට රුපියල් බිලියන 98.3ක ණය මුදලක් ලබාදී තිබුණේය.

මෙම වසරේ පළමු මාස හය තුළ මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු රාජ්‍ය අංශයට බිලියන 178.4 ක ණය මුදලක් ලබාදී තිබූ අතර පෞද්ගලික අංශයට බිලියන 700 ක මුදලක් ලබාදී ඇත. ඒ අනුව පෞද්ගලික අංශයට මෙම වසරේ පළමු මාස 6 තුළදී බලපත්‍රලාභී වාණිජ බැංකු රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට රුපියල් බිලියන 521.6 ක ණය මුදලක් ලබාදී තිබිණි.