පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව සියයට 18 ක වර්ධනයක්
විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ ජූනි මාසයේදී පොල් ගෙඩි මිලියන 289.5ක ඵලදාවක් වාර්තා කර තිබෙන බවත් එය පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 18 ක වර්ධනයක් බවත් නිල දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට පොල් ඵලදාව ශක්තිමත්වී ඇති බවද එම දත්ත වාර්තාවල සඳහන් විය. මෙම වසරේ මැයි මාසයේදී පොල් ගෙවී මිලියන 257.5 ක ඵලදාවක් මෙරටට ලැබී තිබූ අතර පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව එය සියයට 1.2 ක පහළ යාමක් විය. මෙම වසරේ අප්‍රේල් මාසයේදී ද පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.2 කින් පහළ ගොස් තිබූ නමුත් ජූනි මාසයේදී සියයට 18 වර්ධනයක් වාර්තා කිරීමත් සමග මෙම වසරේ දෙවැනි කාර්තුවේ පොල් ඵලදාව ශක්තිමත් වී ඇත.