ගාල්ල-කළුතර වතු හිමියන්ගේ සංගමයේ වාර්ෂික මහා සමුළුව ඇල්පිටියේ


කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල – ඩී.ජේ. විජේසිංහ

ගාල්ල, කළුතර දෙදිසාවේ වතු හිමියන්ගේ සංගමයේ වාර්ෂික මහා සමුළුව ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම හේවාවසම් නිවාඩු නිකේතනයේදී පැවැත්විණ.

ගාලු‍ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා මේ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගාල්ල, කළුතර වතු හිමියන්ගේ සංගමයේ සභාපති රංජිත් ගුණවර්ධන, ලේකම් උෂාන් සමරසිංහ, භාණ්ඩාගාරික නිර්මාණ විජේසුන්දර හා එම සංගමයේ ප්‍රධාන අනුශාසක අශෝක හේවාවසම් යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

මේ සමුළුවේදී ගාල්ල, කළුතර වතු කර්මාන්තය දියුණු කිරීමේ අදහස් හා යෝජනා රැසක් සම්මත වූ අතර සිය කර්මාන්තයට බලපාන ගැටලු‍ ඇතුළත් සංදේශයක් ජනාධිපතිවරයාගේ සහ වතු කර්මාන්ත ඇමැතිවරයාගේ අවධානයට යොමු කිරීමට එම සංගමයේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාට භාරදීම ද මෙහිදී සිදු කරන ලදී.