කොළඹ කොටස් හුවමාරුවේ දරුණු පසුබැසීමක්


කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් ඊයේ දිනයේදී දරුණු ලෙස කඩා වැටීමකට ලක් විය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 16,765.40ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 322.55ක එනම් සියයට 1.89ක පසුබැසීමකි. 

එහිදී සමාගම් 24 ක කොටස් මිල ඉහළ යාම සිදු වූ අතර, සමාගම් 202 ක වටිනාකම් පහත වැටුණි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකයත් ඒකක 4,991.18ක් දක්වා ඒකක 108.10 කින් එනම් සියයට 2.12ක පසුබැසීමකි. 

එහිදී මූලිකවම ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් නිසා මතුව තිබෙන වෙළෙඳ පොළ අස්ථාවරත්වය මේ සඳහා හේතු වී තිබේ. දිනය තුළ කොටස් මිලියන 193.8ක් ගනුදෙනු වූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.49ක් ලෙස සටහන් විය.