භානුක අමරසිංහ
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවැනි භාගයේදී 236.8ක දර්ශක අගයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2024 වසරේ දෙවැනි භාගය සඳහා වන ඉඩම් තක්සේරු දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි. ඒ අනුව මෙය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 7.7ක වැඩි වීමක් ලෙස සටහන්ව තිබේ.
මෙහිදී නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 9.9ක, සියයට 9.4ක සහ සියයට 3.9ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් මෙම ඉහළයාමට දායක වී තිබේ.
කෙසේ වෙතත් අර්ධ වාර්ෂික පදනමින් බැලූ විට, 2024 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව එම වසරේ දෙවැනි භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අඩු වේගයකින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව පවසයි.