භානුක අමරසිංහ
කොමර්ෂල් බැංකුව ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේදී විවෘත කළ රුපියල් බිලියන 15ක් වටිනා හරිත බැඳුම්කරය පළමු දිනයේදීම අධිදායකත්වයක් ලබා ගත් බව එම බැංකුව පවසයි. බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත වර්ගකෙරුණු, උපප්‍රධාන, පිරිමුදවාගතහැකි හරිත බැඳුම්කර ලෙස මෙම නිකුතුව සිදු කෙරිණි.
එහිදී රුපියල් 100ක් බැගින් බැඳුම්කර කොටස් මිලියන 150ක් නිකුත් කෙරිණී. මෙම බැඳුම්කර Type A සිට D දක්වා වසර පහකින්, හතකින් සහ දහයකින් කල් පිරෙන ලෙස මිලදී ගැනීම සඳහා ඉදිරිපත් විය. මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් බැංකුවේ අදියර 2 ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරගැනීම සදහා මෙන්ම බැංකුවේ හරිත ණය කළඹ පුළුල් කිරීම සඳහා යොදා ගන්නා බවත් කොමර්ෂල් බැංකුව පවසා තිබේ.