කොමර්ෂල් බැංකුවෙන් ලොව ප්‍රථම වරට යුනියන්පේ කාඩ්පත්වලට LoungeKey ප්‍රවේශය


යුනියන්පේ Asia Prestige කාඞ්පත් හිමියන් සඳහා LoungeKey ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවේකාගාර ප්‍රවේශය එකතු කළ ලෝකයේ ප්‍රථම බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වූ අතර මෙම හවුල්කාරීත්වය හරහා යුනියන්පේ Asia Prestige Diamond iy Asia Prestige Platinum ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ හිමි වෙයි. 
මෙම සුවිශේෂී පහසුකමෙන් කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන්ට රටවල් 140 කට වැඩි සංඛ්‍යාවක ගුවන් තොටුපොළ විවේකාගාර 1500 කට වැඩි ගණනක සාමාජිකත්වය හිමි වන අතර ජංගම යෙදුමක් ඉදිරිපත් නොකර තම කාඩ්පත පමණක් ඉදිරිපත් කිරීමෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වනු ඇත. තවද මෙම කාඩ්පත් හිමියන්ට LoungeKey පහසුකම හරහා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවේකාගාරවල ඇති ඉහළම මට්ටමේ පහසුකම් සීමා රහිතව භුක්ති විදීමේ හැකියාව හිමි වනු ඇත.
Asia Prestige Diamond yd Asia Prestige Platinum කාඩ්පත් හිමියන් සහ ඔවුන් සමග ගමන් කරන තවත් එක් පුද්ගලයකුට වසරකට LoungeKey ප්‍රවේශ 6ක් හිමි වන අතර, Asia Prestige Diamond කාඩ්පත් හිමියන්ට සුවිශේෂ වරප්‍රසාදයක් වශයෙන් සීමා රහිතව LoungeKey ප්‍රවේශ වසර පුරාවට අත්විදීමේ පහසුකම් ඇත. තවද, ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දී මෙම කාඩ්පත් භාවිත කරන විට නොමිලේ සංචාරක රක්ෂණයක් සඳහා ද කාඞ්පත් හිමියන් සුදුසුකම් ලබනු ඇත.
ශ්‍රී ලංකාවට ප්‍රථම වරට යූනියන්පේ කාඩ්පත් හදුන්වා දුන් මූල්‍ය ආයතනය කොමර්ෂල් බැංකුව වන අතර මෙම පුරෝගාමීත්වයේ භූමිකාව ගෝලීය වශයෙන් පුළුල් කරමින්, යුනියන්පේ Asia Prestige වැඩසටහනට LoungeKey ප්‍රවේශය සම්බන්ධ කරන ලද ලොව පළමු ආයතනය ද වේ. යූනියන්පේ යනු රටවල් හා කලාප 183ක පිළිගැනීමක් ඇති, මූල්‍ය ආයතන 2600 කට අධික සංඛ්‍යාවක හවුල්කාරීත්වයෙන් යුතු ලොව විශාලතම කාඩ්පත් යෝජනා ක්‍රමය වේ.