
බැංකු ක්ෂේත්‍රයේ දැක්වූ කැපී පෙනෙන කාර්යසාධනය හා අඛණ්ඩ නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 24 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇත.
අප්‍රිකාව, ආසියානු පැසිෆික් කලාපය, කැරිබියන්, මධ්‍යම ඇමෙරිකාව, මධ්‍යම හා නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව, මැද පෙරදිග, උතුරු ඇමෙරිකාව සහ බටහිර යුරෝපය යන කලාප පුරා රටවල් 150 කට අධික සංඛ්‍යාවක ඉහළම කාර්යසාධනයක් සහිත බැංකු ඇගයීමට ලක් කරන, ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2026 ලොව හොඳම බැංකු’ සම්මාන උළෙලේ දී මෙම සම්මානය ප්‍රදානය කෙරිණි.
කොමර්ෂල් බැංකුව සමග ආසියා පැසිෆික් කලාපයේ ඒ ඒ රටවල්වල හොඳම බැංකු ලෙස නම් කර ඇති අනෙකුත් බැංකු අතර CBA (ඕස්ට්‍රේලියාව), ICBC (චීනය), Bank of China ^fydxfldx&” ANZ (නවසීලන්තය), DBS (සිංගප්පූරුව), MUFG (ජපානය), ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා (ඉන්දියාව), City (බංගලාදේශය), Hana බැංකුව (දකුණු කොරියාව) සහ Techcom බැංකුව (වියට්නාමය) විය.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මග තුළ 24 වරක් මෙම සම්මානය දිනා ගැනීම බැංකුවේ විශිෂ්ටත්වය හා අධිෂ්ඨානශීලී බව මනාව විදහා දක්වන බවයි.
“මෙම සම්මානය විශේෂයෙන්ම අර්ථ ගැන්වෙන්නේ එය වසර ගණනාවක් පුරාවට බැංකුවේ ඉහළම මට්ටමක පැවති උසස් සේවාව පිළිබිඹු කරන බැවිනි,” යනුවෙන් ද ඔහු පැවසීය. “එය හුදෙක් ප්‍රමිති පවත්වා ගැනීම ම පමණක් නොව, අභියෝග හා ප්‍රකෘතිමත් වීමේ චක්‍ර හරහා ගනුදෙනුකරුවන්ට, ව්‍යාපාරවලට හා පුළුල් ආර්ථිකයට සහය වීමට බැංකුව සතු ධාරිතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමකි. ගෝලීය මෙන් ම දේශීය ආර්ථික අවිනිශ්චිතභාවය මධ්‍යයේ ශ්‍රී ලංකාව සිය ආර්ථික ප්‍රගතිය තහවුරු කර ගනිමින් යන අවස්ථාවකදී, බැංකුවට ලැබුණු මෙම ඇගයීම, එවන් ගතික පරිසරයක් තුළ ස්ථාවර ඉදිරි දැක්මක් සමගින් සාර්ථකව ප්‍රතිචාර දැක්වීමේ සූදානමක් ද ඇතුව සිටීමට අප සතුව ඇති නොසැලෙන ශක්තිය අවධාරණය කරයි.”
බැංකුවේ නව කාර්යසාධනය ශක්තිමත් මූල්‍ය පදනම්, විනයගරුකව අවදානම් කළමනාකරණය කිරීම සහ නව්‍යෝත්පාදන සඳහා බැංකුව යෙදවූ තිරසර ආයෝජන කළඔ මනාව පිළිබිඹු වන බව මනතුංග මහතා සඳහන් කළේය. කර්මාන්තයේ ලාභදායීතාවය ඉහළ කාර්යක්ෂමතාව සහ වත්කම්වල ගුණාත්මකභාවය සඳහා නායකත්වය පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකුව වත්කම්, ණය හා තැන්පතුවල ශක්තිමත් වර්ධනයක් අඛණ්ඩව වාර්තා කර ඇති බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ ය.

