භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ණයකර කොටස් නිකුතුවක් හරහා රුපියල් බිලියන 5 ක් රැස් කිරීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් ඊට අදාළ අනුමැතිය හිමිව ඇත.
මෙහිදී මූලික නිකුතුව ලෙස ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, ඉහළ-ඵලදාවක් සහිත බැඳුම්කර ලෙස ණයකර කොටස් මිලියන 30 ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එක් කොටසක් රුපියල් 100 ක් බැගින් මිල කෙරී ඇති අතර, ඒ හරහා රැස් කරගන්නා මුදල රුපියල් බිලියන 3 කි. මෙම නිකුතුව සඳහා හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20 ක් නිකුත් කරන බව සමාගම පවසයි.
ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 2 ක් වන අතර, මෙම සමස්ත නිකුතුව හරහා රැස් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 5 කි. වසර පහකින් කල් පිරෙන ලෙස මෙම ණයකර නිකුතුව සිදු කරන බව සමාගම පවසයි. මේ සඳහා ලබාදෙන පොලී අනුපාතය සහ පොලී වර්ගය පිළිබඳව ඉදිරියේදී අනාවරණය කරන බවත් සමාගම සඳහන් කරයි.