කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල තව දුරටත් දුබලවීමක් පෙන්නුම් කරයි. කොටස් විකිණීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. තෝරාගත් සමාගම්වල කොටස් සඳහා නැඹුරුවන ආයා්ජකයන් කලින් ලාබ උපයා ගන්නට සමත් වූ සමාගම්වල කොටස් විකුණා අලුත් ස්ථානවල ආයෝජනයට උත්සුක වන බවක් නිරීක්ෂණය කළ හැකිය.
ලාෆ් ගෑස්, ලාෆ් ගෑස් නිෂ්ඡන්ද හා ලාෆ් පවර් යන සමාගම්වල කොටස් දෙවැනි දිනයටත් ඉහළ ඉල්ලුමක තිබුණි. ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ලාෆ් සමාගමේ කොටස්වලින් සියයට පනහක් මිල දී ගෙන ඇති අතර එමගින් ව්‍යාපාර අලුත් ආකෘතියක විශ්වාසයක් ගොඩනගනු ඇතැයි කොටස් හිමියන් විශ්වාස කරන බව පෙනේ. කෙසේ වෙතත් ඊයේ (සැප් 09) ගනුදෙනුවල දී දෙවැනි දිනයටත් දර්ශක පිරිහීමක් වාර්තා කරන ලද අතර එය සැලකිය යුතු තිගැස්මක් ඇති කරන්නට සමත් ව තිබේ. එහෙත් වෙළෙඳපොළ වාර්තා අනුව සියයට පනස් එකක ප්‍රතිශතයකින් මිල දී ගැනීමේ වුවමනාවක් පවතී. කොටස් මිල අඩු කර මිල දී ගැනීම උපක්‍රමය බව ඉතාමත් පැහැදිලිය.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,674.11 ක් දක්වා පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 231.72 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,900.32 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 55.04 ක පහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 9.04 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 46,972 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 237.5 ක් විය. සමාගම් 59 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 196 කි.
හැටන් වැවිලි රු. මිලියන 580 ක්, ඩිජිටල් මොබිලිටි රු. මිලියන 265 ක්, එයිට්කන් ස්පෙන්ස් රු. මිලියන 234 ක්, එල්.ඕ. එල්. සී, රු. මිලියන 213 ක්, ලාෆ් ගෑස් රු. මිලියන 193 ක්, හැටන් නැෂනල් මිලියන 191 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 149 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 145 ක්, ලාෆ් ගෑස් රු. මිලියන 143 ක්, ඇස්පගර් මිලියන 131 ක්, කොමර්ෂල් බැංකුව මිලියන 126 ක් සහ ඒ.සී.එල් කේබල් රු මිලියන 124 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
කොටස් විකිණීමෙන් ඉහළ පිරිවැටුමක්
Recommended Articles