කෑගල්ල ප්ලාන්ටේෂන්ස් නව CEO සමන් දොරනේගම


භානුක අමරසිංහ 


කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ඉඳුනිල් සමන් දොරනේගම මහතා පත් කළ බව එම සමාගම පවසයි. ඒ අනුව මාර්තු 12 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. ඒ මහතා සතුව වැවිලි ක්ෂේත්‍රය තුළ වසර 39කට අධික අත්දැකීම් පවතින බව සමාගම සඳහන් කරයි. 

එම පත් කිරීම සිදු කරන අවස්ථාව වනවිට ඒ මහතා සමාගමෙහි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිවරයා විය. 2001 වසරේදී කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම හා සම්බන්ධ වී ඇති ඒ මහතා, 2014 වසරේදී සමූහ කළමනාකරු සහ සාමාන්‍යාධිකාරීවරයා ලෙස උසස් කෙරිණි. 2019 වසරේදී ඒ මහතා සමාගමෙහි මෙහෙයුම් අධ්‍යක්ෂවරයා බවට පත්විය.