ක්‍රිස්ටීන් ඩයස් යුනියන් ඇෂුවරන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ

යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ක්‍රිස්ටීන් මල්කාන්ති ලක්ෂ්මි ඩයස් බණ්ඩාරනායක මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 අප්‍රේල් 28 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ කැනඩාව තුළ වසර 25කට අධික කාලයක ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ අත්දැකීම් සහිත බණ්ඩාරනායක මහත්මිය අද වනවිට JB Financial සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසද කටයුතු කරයි. යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම ජෝන් කීල්ස් සමූහයට අයත් සමාගමකි.