ක්‍රිප්ටෝ දැඩි අවදානමක් සහිත ආයෝජනයක්
වෙනත් මුදල් ඒකකයකින් ගනුදෙනු කිරීමට නම් එයට විශේෂ අවසරයක් ලබාගත යුතුයි
ක්‍රිප්ටෝ මුදල් ඒකක පිළිබඳව ශ්‍රී ලංකාවේ නීතියක් නෑ
විමුක්ති එස් රුද්‍රිගු
ක්‍රිප්ටෝ මුදල් ඒකක මෙරට ව්‍යවහාර මුදල් ඒකකයක් නොවන බවත් මෙරට තුළ ගෙවීම් කළ හැක්කේ ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. වෙනත් මුදල් ඒකකයකින් ගනුදෙනු කිරීමට නම් එයට විශේෂ අවසරයක් ලබාගත යුතු බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
ක්‍රිප්ටෝ මුදල් ඒකක පිළිබඳව ශ්‍රී ලංකාවේ නීතියක් නොවන බවත්, ඇතැම් ජනතාව නියාමනය වන ආයෝජන අමතක කර නියාමනය නොවන ක්‍රිප්ටෝ මුදල් ඒකකවල ආයෝජනය කිරීමට පෙළඹී සිටින බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. එය ඉතාමත් දැඩි අවදානමක් සහිත ආයෝජනයක් බවද ඔහු පැවැසුවේය.
ක්‍රිප්ටෝ මුදල් ඒකකවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිඳු මතයක් නොමැති බවත්, එය නීත්‍යානුකූල කිරීමට හෝ නීති විරෝධී කිරීමට ශ්‍රී ලංකාවේ නීති නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. එහෙත් ක්‍රිප්ටෝ මුදල් ඒකක හරහා මුදල් විශුද්ධිකරණය සිදුනොවන බවට ශ්‍රී ලංකාව වගබලාගත යුතු බව ඔහු පැවැසුවේය.