කලම්බු ඩොක්යාර්ඩ් මූල්‍ය වර්ෂ වෙනසට IRD අනුමැතිය


කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම සිය මූල්‍ය වර්ෂය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) අනුමැතිය හිමිව ඇතැයි පවසයි.
මෙහිදී සමාගමෙහි මූල්‍ය වර්ෂය අවසන් වීම දෙසැම්බර් 31 වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා වෙනස් කිරීම සඳහා යෝජනා වී තිබූ අතර, අදාළ කාලසීමාව තුළදී මාස 15 ක කාලයක් ආවරණය වන බව සඳහන් වෙයි.
ඒ අනුව සමාගමෙහි මූල්‍ය වර්ෂය 2025 ජනවාරි 01 වැනිදා සිට 2026 මාර්තු 31 වැනිදා දක්වා වන බව කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී පවසයි. වර්තමානයේදී එහි වැඩි කොටස් හිමිකාරීත්වයක් සහිත ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් සමාගමෙහි මූල්‍ය වර්ෂය හා ගැලපීම වෙනුවෙන් මෙම වෙනස්කම යෝජනා කර තිබුණි.