නිමල කොඩිතුවක්කු
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සං-වර්ධන ක්ෂේත්‍රවල හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී ඊයේ (11)පැවසීය.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ලංකා සළුසල ලිමිටඩ්, ලංකා පිඟන් සංස්ථාව සහ අපනයන සංවර්ධන මණ්ඩලය සතුව පවතින කාර්ය මණ්ඩලය, ස්වභාවික සම්පත්, යන්ත්‍ර සූත්‍ර හා අනෙකුත් භෞතික සම්පත් යොදා ගනිමින් එම ආයතන/අංශ පවත්නා තත්වයෙන් ඉහළට ඔසවා තැබීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා අනෙකුත් තීරණ අදාළ ආයතන/අංශ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ක්‍රියාවට නංවනු ලබයි.
ඒ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ආංශික සංවර්ධන වැඩසටහන යටතේ 2025 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 100 ක් පහත සඳහන් ව්‍යාපෘති සඳහා වෙන් කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.