භානුක අමරසිංහ
මෙරට පලිබෝධ කළමනාකරණ සේවා සම්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගම සිය ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම යටතේ රට පුරා දිස්ත්‍රික්ක 14ක වරලත් සේවා මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බව පවසයි.
ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව යන පළාත් තුළ මෙන්ම රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක ඇතුළු එම දිස්ත්‍රික්කවල නවීනතම තාක්ෂණයෙන් යුත් ඩිජිටල් පලිබෝධ කළමනාකරණ පද්ධති සහිතව මෙම සේවා ස්ථාන පිහිටුවන බව සමාගම පවසයි.
අද වනවිට මෙරට තුළ ඩිජිටල් පලිබෝධ කළමනාකරණ සහ පාරිසරික වැඩිදියුණු තාක්ෂණය භාවිත කරන ප්‍රමුඛතම නවෝත්පාදකයකු ලෙස සිය සමාගම සැලකෙන බව එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. මෙහිදී එම සමාගම බ්‍රිතාන්‍යයේ Sentario UK Limited සමගින් තාක්ෂණික හවුල්කාරීත්වයකද, නෙදර්ලන්තයේ Pest Scan BV සහ ජර්මනියේ Futura GMBH සමගින් ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරීත්වයත් යටතේ මෙලෙස දිස්ත්‍රික්ක 14ක් තුළ ඩිජිටල් පලිබෝධ කළමනාකරණ වරලත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් පවසයි.