භානුක අමරසිංහ
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පෙරේදා (21) ගනු ලැබූ GST බදු කප්පාදු තීරණය, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර රැක ගැනීම සඳහාද පවතින ආසන්නතම, හොඳම විකල්පය බව වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි. විශේෂයෙන්ම ඉන්දිය රජය ගත් මෙම තීරය එරට සියලුම කර්මාන්ත වෙත මෙන්ම අපනයන මූලික කර්මාන්ත වෙතද වඩාත් සහන රැසක් හිමි කර දී ඇතැයි ඒ මහතා ලංකාදීප FT වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
“ඉන්දියාව ගත්ත මේ තීරණය අතිශය වැදගත් අවස්ථාවක්. විශේෂයෙන්ම ඇමෙරිකාව ඉන්දියාවේ අපනයනවලට එරෙහිව සියයට 50ක බද්දක් පනවලා තිබෙන අවස්ථාවකදී එරට දේශීය ව්‍යාපාර රැක ගන්න වගේම වඩාත් තරඟකාරී විදියට අපනයන වෙළෙඳපොළ වෙත පිවිසීමට මින් නිෂ්පාදකයන්ට අවස්ථාව හිමි වෙනවා.“
ඒ අනුව වර්තමානයේදී ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු විය යුත්තේ බදු අඩු කිරීම නිසා අහිමි වන රුපියල් ආදායමද, බදු වැඩි කිරීමෙන් ව්‍යාපාර කඩා වැටීමෙන් අහිමි වන ඩොලර් ආදායමද යන්න පිළිබඳව වන බවත් ඒ මහතා සඳහන් කළේය.
“අපි හැමතිස්සෙම රජයට කිව්වේ සියයට 10 කින් හරි මේ බදු අඩු කරලා දේශීය ව්‍යාපාර රැක ගන්න කියලයි. .
ඉන්දියාව සිදුකළ මෙම බදු කප්පාදු තීරණය ප්‍රකාශයට පත් කරමින් ජනතාව ඇමතූ අගමැති මෝදි, මේ හරහා දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ වඩාත් අඩු මිලකට මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇතැයි සඳහන් කර තිබේ. ඒ අනුව වැඩි වැඩියෙන් දේශීය නිෂ්පාදන මිලදී ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබේ.