ඉන්දියාවට වැඩිම සංචාරකයන් පැමිණි රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්


  • ඉන්දියාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි ප්‍රධාන රටවල් 5 අතර ඇමෙරිකාව, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව
  • පසුගිය වසරේදී ඉන්දියාවට සංචාරකයන් ලක්ෂ 99.52 ක් පැමිණිලා

විමුක්ති එස් රුද්‍රිගු

පසුගිය වසර 5 ක කාලයේදී ඉන්දියාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වන බව ඉන්දීය රජය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.

එහිදී ඉන්දියාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි ප්‍රධාන රටවල් 5 අතර ඇමෙරිකාව, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව අයත් වේ.

එරට ලොක් සභාවේදී ඉන්දියාවට සංචාරකයන්ගේ පැමිණීම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් එරට සංස්කෘතික අමාත්‍ය ගජේන්ද්‍ර සිං ශෙඛාවත් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

එම දත්තවලට අනුව පසුගිය වසරේදී ඉන්දියාවට සංචාරකයන් ලක්ෂ 99.52 ක් පැමිණ ඇත. ඉන්දීය සංස්කෘතික අමාත්‍යවරයා අනාවරණය කරන ලද දත්තවලට අනුව පසුගිය වසර 5දී ඉන්දියාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්ත ඇමෙරිකාව බංග්ලාදේශය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, ශ්‍රී ලංකාව, ජර්මනිය, ප්‍රංශය සහ සිංගප්පූරුව යන රටවලින්ය.

සංස්කෘතික අමාත්‍යවරයා අනාවරණය කළ දත්තවලට අනුව පසුගිය වසර 3 ක කාලයේදී වාර්ෂිකව ඉන්දියාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වී ඇත. 2020 වසරේදී ලක්ෂ 27.45ක, 2021 වසරේදී ලක්ෂ 15.27ක, 2022 වසරේදී ලක්ෂ 64.37ක, 2023 වසරේදී ලක්ෂ 95.21 ක සහ 2024 වසරේදී ලක්ෂ 99.52 ක සංචාරකයන් පිරිසක් ඉන්දියාවට පැමිණ තිබේ.