ඉන්දියාවට පැනවූ සියයට 50 ක ට්‍රම්ප් බද්ද ඊයේ සිට ක්‍රියාත්මකයි


විමුක්ති එස් රුද්‍රිගු

රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉන්දීය අපනයන නිෂ්පාදන සඳහා පැනවූ සියයට 50 ක තීරු බද්ද ඊයේ(27) ක්‍රියාත්මක වූ අතර ඉන් ඉන්දියාව ඇමෙරිකාවට අපනයනය කරන නිෂ්පාදන තුනෙන් දෙකකට බලපෑමක් එල්ල වන බව ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ. ඉන්දිව වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 86.5 ක භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කරන බවත් ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 60.2 අපනයන නිෂ්පාදන සඳහා මෙතෙක් පැනවූ සියයට 26 තීරු බද්ද ඊයේ(27) සිට දෙගුණ වූ බවත් ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කළහ.