විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකානු නිෂ්පාදන සඳහා සිය වෙළෙඳපොළවල් විවෘත කිරීමට කැමැත්තක් දක්වන රටවල්වලට පමණක් ”අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ පනවා ඇති තීරුබද්ද අඩුකිරීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. වෙළෙඳපොළවල් විවෘත කිරීමට අකැමැත්තක් දක්වන රටවලට ”අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ ඉහළ තීරු බද්දක් පනවනු ඇතැයිද ඔහු පැවැසුවේය. ඇමෙරිකානු නිෂ්පාදන සඳහා වෙළෙඳපොළවල් විවෘත කර ගැනීමට හැකි බලයක් ”අන්‍යෝන්‍ය බදු” ක්‍රමයට තිබෙන බවත් ජනපතිවරයා පැවසුවේය.
ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් ගණනාවක් සිය රටවල් සඳහා ”අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ පනවා ඇති තීරු බද්ද අඩුකර ගැනීම සඳහා සාකච්ඡා කඩිනම් කර ඇති මොහොතක ජනපති ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මෙම ප්‍රකාශය කර ඇත.
ඇමෙරිකාව ‘අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ සිය වෙළෙඳ හවුල්කරුවන්ට පනවා ඇති තීරු බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.