භානුක අමරසිංහ
මෙරට සුප්‍රසිද්ධ පෝර්සිලේන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන දංකොටුව පෝර්සිලේන්හි දෙවැනි විශාලතම කොටස්හිමිකරුවා වූ ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එම හිමිකාරීත්වය අලෙවි කර ඇතැයි පවසයි. පසුගිය සැප්තැම්බර් 03 දා මෙම කොටස් අලෙවිය සිදු කර තිබේ.
මෙහිදී එම සමාගම සතුව තිබූ කොටස් 36,422,571ක් අලෙවි කර ඇත. එය දංකොටුව පෝර්සිලේන් සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 22.41ක ප්‍රතිශතයකි. එක් කොටසක් රුපියල් 20.50ත් 23.70ත් අතර වටිනාකමකට මෙම කොටස් අලෙවිය සිදු කර ඇති අතර, එම අලෙවියේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 800ක් පමණ වෙයි.
දංකොටුව පෝර්සිලේන්හි විශාලතම කොටස් හිමිකරුවා වූ ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම 2023 ජූලි මාසයේදී එහි සියයට 50.10ක ප්‍රතිශතයක් රුපියල් බිලියන 2.3කට Ceyline investments (පෞද්) සමාගම වෙත අලෙවි කෙරිණි. 2025 මාර්තු 31 වැනිදා වනවිට දංකොටුව පෝර්සිලේන්හි කොටස් හිමිකාරීත්වයෙන් සියයට 64.89ක් එම සමාගමට හිමිය.