ඇම්බියොන් කැපිටල් Myland Development මිලට ගනී


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත දේපළ වෙළෙඳාම් සමාගමක් වන Myland Development PLC සමාගමේ සියයට 51.03 ක ප්‍රතිශතයක් මිලදී ගැනීමට ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම පියවර ගත් බව පවසයි. 
මෙහිදී එම සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 18,500,000ක්, එක් කොටසක් රුපියල් 8.50ක් බැගින් මිලදී ගැනීමට ඇම්බියොන් කැපිටල් පියවර ගෙන තිබේ. මෙම කොටස් සමාගමේ නිර්මාතෘවරයා වන ධම්මික නලින් පෙරේරා සතුව තිබූ කොටස් අතරින් ප්‍රමාණයක් බවත් පැවසෙයි. 
මේ අතර Myland Development PLC හි තවත් සියයට 30.7ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගන්නටATX Partners (Private) Limited (13.75%), Arcasia Investment and Trading (Private) Limited (13.95%) සහ දොන් ට්‍රිබුට්‍රියස් හඳපාන්ගොඩ මුදලිගේ (3%) යන ආයෝජකයන් එකමුතුවක් පියවර ගෙන තිබේ.  
මෙම අලෙවියත් සමගින් Myland Development PLC හි සියයට 81.73ක ප්‍රතිශතයක් මිලදී ගන්නට අදාළ සමාගම් සහ ආයෝජක එකමුතුව සමත්ව ඇත. එසේම ඉදිරියේදී ඔවුන් සමාගමේ අනෙකුත් කොටස් මිලදී ගැනීමටද කටයුතු කරනු ඇතැයි පවසයි.  
මේ අතර අදාළ මිලදී ගැනීමත් සමගින්ම Myland Development PLC හි කොටසක වටිනාකම රුපියල් 11.20 සිට රුපියල් 14.00 ක් දක්වා රුපියල් 2.80කින් එනම් සියයට 25කින් ඉහළ නැග තිබුණි.