විමුක්ති එස් රුද්‍රිගු
සංවර්ධනය වෙමින් පවතින ආසියාවේ සහ ශාන්තිකර කලාපයේ මෙම වසරේ සහ ලබන වසරේ ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 0.1 කින් සහ 0.2 කින් පහළ දැමීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර ඇත.
ඒ අනුව මෙම වසරේ කලාපයේ ආර්ථිකය සියයට 4.8 කින් වර්ධනය වනු ඇති බවත් ලබන වසරේදී කලාපයේ වර්ධනය සියයට 4.5 කින් වර්ධනය වනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පුරෝකතනය කර තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී ආසියානු සංවර්ධන බැංකුව පුරෝකතනය කර තිබුණේ මෙම වසරේ කලාපයේ ආර්ථිකය සියයට 4.9 කින් සහ ලබන වසරේ කලාපයේ ආර්ථිකය සියයට 4.7 කින් වර්ධනය වනු ඇති බවයි.
නව පුරෝකතනයට තිබෙන අවදානම් ලෙස ඇමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය මෙන්ම ඇමෙරිකාව සහ චීනය අතර තවමත් අවසන් වී නොමැති වෙළෙඳ සාකච්ඡා පෙන්වා දී ඇත. වත්මන් භූ දේශපාලනික තත්වය සහ චීන ආර්ථික වර්ධනය පහළ යෑම වත්මන් පුරෝකතනයට තිබෙන අවදානම් අවස්ථා ලෙස ආසියානු සංවර්ධන බැංකුව හඳුනාගෙන ඇත.