ආර්ථික තිරිහන් කරන්න කබ්රාල් අයි.එම්.එස්. කතා අරඹයි


ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත්ව තබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අයදුම් කර තිබූ ඩොලර් කෝටි 250ක ණය මුදලේ අවසන් වාරිකය වන ඩොලර් කෝටි 41.5ක් පසුගිය සිකුරාදා මහ බැංකුවට ලැබිණි. ණය මුදලේ අවසන් වාරිකය ලැබීමත් සමග රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව තිබෙන බවත්, ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා තවත් ආධාර ලබාගැනීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සාකච්ඡුා ආරම්භ කරන බවත් හෙතෙම කියයි.