භානුක අමරසිංහ
ලෝටස් හයිඩ්‍රො පවර් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රොහාන්ත අතුකෝරාළ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව ජූලි 22 වැනිදා සිට බලාත්මක වන පරිදි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ඒ මහතා පත් කර තිබේ. අතුකෝරාළ මහතා සතුව සන්නාම අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණය පිළිබඳව වසර 21කට අධික කාලයක අත්දැකීම් සහිත බව පවසයි. එහිදී ඒ මහතා බහුජාතික සමාගම් රැසකම ඉහළ නායකත්ව භූමිකා හොබවා තිබේ. මීට පෙර ඒ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සංචරණයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. 2025 වසරේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඒ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවෙන් 2025-2029 සඳහා වන උපායමාර්ගික සැලසුම සකස් කිරීම සඳහා පත් කර තිබේ.