
පෑන් ඒෂියා බැංකුවෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස අයෝධ්‍යා ඉද්දවෙල මහත්මිය පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව අප්‍රේල් 30 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය බැංකුවෙහි විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂවරිය ලෙස පත් කරගෙන තිබේ.
ඒ සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙන්ම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය පිළිවෙළින් අප්‍රේල් 28 සහ 24 වැනිදා ලැබී තිබේ.
වසර 36 කට අධික කාලයක් දේශීයව මෙන්ම ජාත්‍යන්තරව බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ඉද්දවෙල මහත්මිය, මෙරට බැංකු ක්ෂේත්‍රයේ වඩාත් පිළිගත් වෘත්තියවේදිනියක ලෙස සැලකෙයි. මෙම ධුරයට පත්වීමට පෙර ඇය සම්පත් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙසින්ද කටයුතු කළාය.

